34 C
Colombo
Monday, May 6, 2024

කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්

- Advertisement -

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද(24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද උදෑසන 9.30 සිට 11 දක්වා යම්කිසි කාලසීමාවක් දක්වා කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා වූ මාර්ගය වසා තැබෙන අතර දහවල් 12 සිට පස්වරු 1 දක්වා කාලය තුළද එම මාර්ගය නැවත වසා තැබෙන බවත් මත්තල ගුවන්තොටුපොළ අවට විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

තවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ අද පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක්ද අවස්ථා කිහිපයකදී මේ හේතුවෙන් වසා තැබෙන බවයි.

ඒ අනුව අද පස්වරු 2 සිට 3 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තබෙන බවත් එහිදී මාර්ගය දෙපසටම වාහන ගමනාගමනය සඳහා අවස්ථාව හිමි නොවන බව පොලීසිය පවසනවා.

එසේම මේ පැයක කාලසීමාව තුළ අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගයත් වසා තැබීමට කටයුතු කරන බව සඳහන් .

පස්වරු 3.30න් පසුව කොළඹ ලෝටස් වටරවුම වසා තැබෙන අතර පස්වරු 6 සිට 6.30 දක්වා වූ කාලය තුළ ජනාධිපති කාර්යාලයේ සිට ගාලු පාර ඇතුලු මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇති.

නැවත රාත්‍රී 7.30 න් පසුව කොටුව ජනාධිපති මන්දිරය දක්වා මාර්ගය වසා තැබෙන අතර රාත්‍රී 9.30 න් පසු කොළඹ කොටුව සිට NSA වටරවුම ගාලුපාර, ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබෙ බවත් රාත්‍රී 9.30 සිට 10.30 දක්වා කටුනායක අධිවේගී මාර්ගය වසා තැබීමට පියවර ගන්නා බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

තවද අද උදෑසන 9.30 සිට 11 දක්වා යම්කිසි කාලසීමාවක් දක්වා කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා වූ මාර්ගය වසා තැබෙන අතර දහවල් 12 සිට පස්වරු 1 දක්වා කාලය තුළද එම මාර්ගය නැවත වසා තැබෙන අතර මත්තල ගුවන්තොටුපොළ අවට විශේෂ ආරක්ෂාවක් යොදවන බවද පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසනවා..

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...