28 C
Colombo
Monday, June 24, 2024
spot_img

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය අනුව මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් නොමිලේ ලබා ගත හැකි බවයි.

එමෙන්ම දින 30කට වැඩි රැඳී සිටීමක් සඳහා, මාලදිවයින් ජාතිකයින්ට https://www.srilankaevisa.lk/ යන වෙබ් අඩවියට පිවිස නොමිලේ මාස 6ක වීසා බලපත්‍රයක් සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කළ හැකි අතර මෙම වීසා බලපත්‍රයට පරිපාලන ගාස්තුවක් අය කරනු ඇති බවද දන්වා තිබෙනවා.

එසේ නොමැතිව දැනටමත් ශ්‍රී ලංකාවේ සිටින සහ වීසා දිගුවක් අවශ්‍ය මාලදිවයින් ජාතිකයින් සඳහා කොළඹ මාලදිවයිනේ මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක වීසා සම්බන්ධයෙන් මෑත කාලීනව සිදුකළ වෙනස්කම් පිළිබඳව පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාවේ නව විද්‍යුත් වීසා ක්‍රමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග මාලදිවයින් සංචාරකයින් ට එහි බලපෑමක් නොමැතිව නිරවුල්ව සිය සංචාරය සිදුකර ගැනීම සහතික කිරීම සඳහා මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන් වනවා.

එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින මාලදිවයින් වැසියන්ට වැඩිදුර සහාය අවශ්‍ය නම් ඒ සඳහා එරට අමාත්‍යාංශය හා සම්බන්ධ විය හැකි බව දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කන්න බැරි හාල් කිලෝ තිස්දාහක් බෙදන්න ගිහින්

අඩු ආදායම්ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව...

ගාසා ළමා අරමුදලට කාත්තන්කුඩියෙන් රුපියල් කෝටියක්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන...

සත්ත්ව නිෂ්පාදන ආනයනය ගැන ගත් තීරණය

කුරුළු උණ රෝගය වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...