27 C
Colombo
Saturday, May 25, 2024

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

- Advertisement -

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වා තිබුණා.

මෙම රැස්වීමට සහභාගි වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ ජූනි මස 01 වැනිදා සිට එය ක්‍රියාත්මක වන බවයි.

එම නිලධාරීන් පෙන්වා දී ඇත්තේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිය පුද්ගලයෙක් මරුට

තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) පස්වරුවේ මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසනවා. මෙසේ...

දියතලාව – හපුතලේ මාර්ගය වැසේ

ගස් කඩා වැටීමේ අවදානම හේතුවෙන් දියතලාව – හපුතලේ මාර්ගය අද (24) රාත්‍රීයේ වසා දැමීමට තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව,...

අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් විදුහල්පති රුපියල් 30,000ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ...

POPULAR ARTICLES

පොලිස් කාන්තාවගේ වීඩියෝ එක ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

ලියාපදිංචි සහිතකය නොමැතිව මධ්‍යම පළාතේ පුද්ගලයෙකු හට අයිති වාහනයක් සබරගමුව පළාත තුළ ධාවනය කළ රියදුරෙකුට පොලිස් කාන්තාවක් දඩයක් නියම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන...