31 C
Colombo
Saturday, July 27, 2024

පාතාලය මර්දනයට අද සිට විශේෂ මෙහෙයුමක්

- Advertisement -

පාතාලය මර්දනය කිරීම සඳහා අද (27) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිතයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකදී එම තීරණය ගෙන තිබෙනවා.

එම සාකච්ඡාව සඳහා බස්නාහිර සහ දකුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාස සහ අනෙකුත් විමර්ශන අංශ එක්ව තිබෙනවා.

රට පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්පූර්ණයෙන් මර්දනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලීසියට විශේෂ නියෝගයක් ලබාදී තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, මෙහිදී අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමට සම්පූර්ණ ශක්තිය යොදා කටයුතු කරන ලෙස අදාල පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...