29 C
Colombo
Saturday, July 27, 2024

ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන්ට ලබා දීමට විශේෂ යෝජනාවක්

- Advertisement -

සියළු දේශපාලන පක්ෂ ජාතික ලැයිස්තුවෙන් සියයට 50ක් කාන්තාවන් සඳහා වෙන් කළ යුතු බවට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් ඊයේ (25) ඒ සූම් තාක්ෂණය ඔස්සේ සංවිධාන කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර, මෙරට පවතින මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තු හා පළාත් මට්ටමින් කාන්තාවන් සඳහා සියයට 30ත්, 70ත් අතර නියෝජනයක් සහතික කිරීමේ යෝජනාවක් මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලිඛිතව දැනුම්දීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා එම සංසදය පාර්ලිමේන්තුවේදී රැස්වී ඇති අතර පළාත් පාලන මට්ටමේ ඡන්ද සියයට විසිපහේ කෝටාව නොවෙනස්ව පවත්වා ගැනීම තහවුරු කර ගැනීම සඳහා වන යෝජනාවක් ද ඉදිරිපත් වුණා.

එමෙන්ම, පවතින ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන මාසයේ සිට මහජන සාක්ෂි විමසීමට අපේක්ෂා කරන බව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරි මාස 06 ඇතුළත සමාජයේ සියළු පාර්ශව නියෝජනය වන අයුරින් අදහස් හා යෝජනා ලබා ගන්නා බවයි එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...