29 C
Colombo
Friday, May 17, 2024

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ගුවනේ දී ආයෙත් ලෙඩ වෙයි

- Advertisement -

ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් කාර්මික දෝශයකට ලක් වීම නිසා පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (21) රාත්‍රීයේ නැවත පැමිණ තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ඊයේ දින සවස 06.27ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබූ අතර ගුවන් ගත වී පැය 01 විනාඩි 06 කට පසු , ගුවන් යානය තුළ වායු පීඩනය අඩු වීම නිසා යළිත් ආපසු හරවා කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ දින රාත්‍රී 07.33 ට ගොඩ බස්වා තිබෙන බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසනවා.

මෙම ගුවන් යානය තුළ මගීන් 256 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 14 දෙනෙකු සිට තිබෙනවා.

එම ගුවන් යානයේ සිටි ගුවන් මගීන් , ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් වෙත යොමු කර පසුව 330 එයා බස් වර්ගයේ වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යොදවා මෙම මගීන් පිරිස අද (22) දින පෙ.ව 11.33 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

සුරක්ෂා රක්ෂණය යළිත්

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. 2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා...

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබයට 

හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්වී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...