28.9 C
Colombo
Thursday, March 27, 2025

ලාංකික තරුණියක් අරාබියේදී විදුලි සැර වැදී මිය ගිහින්

- Advertisement -

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පසුගිය දා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන්, සාජා නුවර භූගතව ඇද තිබූ විදුලි රැහැන් පද්ධතියක් තුළින් විදුලිය සැර වැදීමෙන්  ශ්‍රී ලාංකික තරුණියක් මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ ජයමිණි සඳමාලි විජේසිංහගේ නමැති  26 හැවිරිදි තරුණියක්.

ඇය සාජා හි සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස මාස 11ක කාලයක් සේවය කරමින් සිට තිබෙනවා.

ඉකුත් මාර්තු මස 09 දින රාත්‍රී 09.30ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙඳ සැළ වෙත යමින් සිටිය දී ඇය මෙලෙස විදුලි සැර වැදීමකට ලක්ව තිබුණා.

එම අවස්ථාවේ දී ඊජිප්තු ජාතිකයින් දෙදෙනෙකුට, බංග්ලාදේශ ජාතිකයෙකුට සහ පිලිපීන ජාතිකයෙකුට විදුලි සැර වැදී තිබෙනවා.    

සඳමාලිගේ සිරුර අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා..

අද උදෑසන සඳමාලිගේ දේහය භාරගැනීම සඳහා ඇගේ වැඩිමහල් සහෝදරයා ඇතුළු පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඇයගේ සහෝදරයා පවසා ඇත්තේ සඳමාලි සේවය කළ ආයතනය විසින් ඩිරාම් 4,000ක මුදලක් මෙරටට එවා ඇති බවයි.

කෙසේවෙතත් එරටින් සිදුකළ සඳමාලිගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඥාතීන් පිළිනොගන්නා අතර, අලුත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔවුන් ඉල්ලීමක් සිදුකර තිබුණා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ මෙහෙයවීමෙන් දේහය මීගමුව මහ රෝහල වෙත රැගෙන යෑමට නියමිතයි.

සඳමාලිගේ අවසන් කටයුතු හෙට (04) මතුගම පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

POPULAR ARTICLES