30 C
Colombo
Sunday, September 15, 2024

ශ්‍රී ලාංකික තරුණියක් අඟහරු වෙත යන්න සුදානම්

- Advertisement -

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තුළ සිදුකෙරෙන මෙහෙයුමකට සහභාගී වීමට නාසා ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

ස්වේච්ඡා සේවකයන් හතර දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සඳහා මෙලෙස තෝරාගෙන ඇත්තේ පියුමි විජේසේකර නම් පර්යේෂිකාවයි.

ඒ අනුව Jason Lee, Stephanie Navarro, Sharef Al Romaithi සහ පියුමි විජේසේකර මැයි මස 10වැනිදා නාසා ඒජන්සියේ HERA නමින් හැඳින්වෙන අංශය වෙත පිවිසෙනු ඇති.

එම අංශය වෙත පිවිසි පසු,කණ්ඩායම දින 45ක් අඟහරු වෙත ගිය ගගනගාමීන් මෙන් ජීවත් වන බවත් කාර්ය මණ්ඩලය ‘යළි පෘථිවියට පැමිණීම’ සටහන් කිරීමෙන් පසු ජුනි 24 වැනි දින ඔවුන්ට අදාළ පරිශ්‍රයෙන් පිටව යෑමට හැකියි.

Jose Baca සහ Brandon Kent මෙම මෙහෙයුමේ විකල්ප කාර්ය මණ්ඩල සාමාජිකයන් වනවා.

නාසා ආයතනය සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හුදකලාවට හුරුවීම සහ දුරස්ථ තත්ත්වයන්ට අනුගත වන ආකාරය අධ්‍යයනය කිරීමට HERA ඔස්සේ විද්‍යාඥයන්ට පුහුණුව ලබා දෙනු ලබනවා.

ඊට විද්‍යාත්මක පර්යේෂණ සහ මෙහෙයුම් කාර්යයන් සේම අඟහරු මත ඇවිදීම වැනි පුහුණුකිරීම් ද ඇතුළත්.

පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥයෙක්.

විජේසේකර සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, පෙන්හි පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ගෙන තිබෙනවා.

පියුමි විජේසේකර දැනට ජීවත් වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝහිය.

RECENT ARTICLES - SINHALA

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය මෙන්න

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (15) දහවල් විභාග...

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව කියා...

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...