34 C
Colombo
Friday, May 3, 2024

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

- Advertisement -

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන්හි ආරම්භ කීරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් අප්‍රේල් 22 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතයි.

මේ වනවිට විශාල ශ්‍රී ලාංකික වෘත්තිකයින් සහ සිසුන් පිරිසක් එහි රැදී සිටින අතර, ඔවුන්ට පහසුකම් සැපයීම සහ දෙරට අතර වෙළෙඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි මූලික අරමුණු අතර වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර

UPDATE : 5.08 PM විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ......................................................................................................................... වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...