ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජව් ගුණසේකර මහතාගේ ඉල්ලීම පරිදි සයිතම පළාතේ “කවගුචි” නගරයෙන් ගිලන්රථයක් ලංකාවට ප්‍රදානය කර තිබෙනවා.
ජපානයේ කවගුචි නගරයේ නගරාධිපති නොබුඕ ඔකුනොකි විසින් මෙම අති නවීන ගිලන් රථය ප්‍රදානය කිරීමට කටයුතු කෙරුණා.
මෙම ගිලන් රථය හදිසි ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය අති නවීණ පහසුකම්වලින් සමන්විතයි.
මෙම ගිලන් රථය ලංකාවට ප්‍රවාහනය කිරීමට ගතවන සියලු ප්‍රවාහන ගාස්තු “Sai – Net ආයතනය” හා “සයිතම රොටරි සමාජය” දරනු ඇති.


