ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ඒ සඳහා ඊශ්‍රායලය සමග මෙන්ම ඊජිප්තුව සහ කටාර් යන රාජ්‍යයන් සමග සාකච්ඡා සිදුකරන බවයි.
සටන් විරාම කාලසීමාව තුළ එම ගිවිසුම උල්ලංඝනය වන පරිදි හමාස් සංවිධානය කටයුතු කර ඇති බවද අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේවෙතත්, ඔහු සඳහන් කළේ, ගාසා තීරයේ යළි සටන් විරාමයක් ක්‍රියාත්මකවීම අමෙරිකාවේ අපේක්ෂාව බවයි.