32 C
Colombo
Monday, January 20, 2025

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් උමාරාට කැඳවීමක්

- Advertisement -

ජාතික ගීය විකෘති කර ගායනා කළ බව පැවසෙන ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය අද (020 රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ද ප්‍රකාශයක් ගැනීමට නියමිතයි.

පසුගියදා ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට උමාරාට චෝදනා එල්ල වීමත් සමඟ අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම් රංජිත් අසෝක මහතාට දැනුම් තිබුණා.

මේ අනුව ලේකම්වරයා විසින් විමර්ශනයක් සිදුකරන ලෙස අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පසුගිය 31 වනදා දැනුම් තිබු අතර උමාරා සිංහවංශ මහත්මියට අද (02) පැමිණෙන ලෙසයි දැනුම් දී තිබුණේ.

මෙම විමර්ශනය සඳහා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු විසින් සිදු කිරීමට නියමිතයි.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී සොයා බැලීමට නියමිත බව සඳහන්.

තවද තනුව, ගායනය, පදමාලාව වැනි කරුණු ගැන නිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියෙකුගෙනුත් සහය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

විමර්ශනයෙන් අනතුරුව අදාළ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදීමට නියමිත අතර ඉන්පසු නීතිපති උපදෙස් ලබා ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

POPULAR ARTICLES