29 C
Colombo
Sunday, June 4, 2023

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් තිදෙනාට විවිධ ආහාර වට්ටෝරු 120 කින් යුතු සුපිරි කෑමක්

- Advertisement -

පසු ගිය දා චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් තිදෙනෙකු රැගත් ෂෙන්ෂෝ 12 යානය සාර්ථකව දියත් කළ අතර ගගනගාමීන් තිදෙනා මාස තුනක කාලයක් කක්ෂයේ රැඳී සිටින බව ප්‍රකාශ කරන ලදී.මෙම කාල සීමාව තුළ දීසි වර්ග 120 කට වැඩි ගණනකින් ආහාර තෝරා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බව ද ඒ අතර වාර්තා වේ.

චීන ගගනගාමීන් වන නී හයිෂෙං, ලියු බෝමිං සහ ටැන්ග් හොංබෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය ලෙස සැලකෙන ටියැන්හේ වෙත පැමිණියේ ජුනි 17වෙනිදාය.ඊට පෙර අවශ්‍ය සැපයුම් රැගෙන ටියැන්ෂෝ 2 භාණ්ඩ අභ්‍යවකාශ යානය මැයි 29 වන දින කක්ෂගත කිරීමට ද පියවර ගෙන තිබුණි.

ටියැන්ෂෝ 2 යානය විසින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සපයනු ලබන ටොන් 6.8 ක සැපයුම් අතර විවිධාකාර තේ,පළතුරු යුෂ සහ සුප් වැනි පානවර්ග ඇතුළු ප්‍රධාන ආහාර සහ පාන වර්ග රාශියක් ඇති බව පැවසේ.නැවුම් පලතුරු හා එළවළු සිසිලනය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ද යානය සතුය.

මෙම ආහාර පානවර්ග ගගනගාමීන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් අනුව තෝරා ගනු ලබන බව චීනයේ ප්‍රධාන ගගනගාමී පුහුණුකරු වන හුවාං වයිෆන් රජයට අයත් රූපවාහිනී නාලිකාවක් වන CCTV වෙත ප්‍රකාශ කළේය.

සුදුළූනු සෝස් එක් කළ ඌරු මස්, කුං පාවෝ කුකුළු මස්, කළු ගම්මිරිස් යෙදූ හරක් මස්, අච්චාරු දමන ලද ගෝවා ඇතුළු තවත් බොහෝ දේ එම ආහාර වට්ටෝරුවලට ඇතුළත් වේ.

එමෙන්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මුළුතැන්ගෙයක් හා මයික්‍රෝවේව් උදුනක් ද සවි කර ඇත. එබැවින් ගගනගාමීන්ට පෙරට වඩා ආහාර උණුසුම් කිරීමට වැඩි හැකියාවක් ලැබෙන අතර ඔවුන්ට අවශ්‍ය විටෙක උණුසුම් ආහාර ලබා ගත හැකි බව ද සඳහන්ය.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...