හම්බේගමුව සීනුක්ගල ප්‍රදේශයේදී පසුගිය 12 වැනිදා නිවසකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකළ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෙක් හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ, හම්බෙගමුව ප්‍රදේශයේම පදිංචි මෙම සැකකාර පුද්ගලයා යතුරුපැදියක්ද සමගම අත්අඩංගුවට ගත් බවයි.
12දා රාත්රීයේ හම්බේගමුව – සීනුක්ගල ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදු කර පළා ගොස් තිබුණා.
එම නිවසේ හිමිකරු සහ ඔහුගේ ඥාතී සොහොයුරන් ඇතුළු පිරිසක් සාදයක් පවත්මින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී 24 හැවිරිදි සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබුණා.
ඔවුන් ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිසා මහ රෝහල වෙත යවා තිබුණු අතර එක් පුද්ගලයෙක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ තවමත් නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවද පොලිසිය පවසනවා.
Related: