අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්රදේශයේ කුඹුරු යායක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
කුඹුරු යායක නියරක් මත ලේ ගලන තුවාල සහිතව වැටී පුද්ගලයෙකු මියගොස් සිටින බව අඟුරුවාතොට පොලීසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙක්.
මේ සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.