2023 ලෝක කුසලාන කිර්කට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය මේ වනවිට දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න්හිදී පැවැත්වෙනවා.
එහිදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කර ගනු ලැබුවා.
නමුත් ඔවුන්ගේ මුල් පෙළේ කඩුලු 4ම ලකුණු 24කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේගපන්දුයවන්නන් සමත් වුණා.
අනතුරුව 5 වැනි කඩුල්ල සඳහා එක්වූ ඩේවිඩ් මිලර් සහ හෙන්රික් ක්ලාස්සන් ලකුණු 95ක සබඳතාවයක් පැවැත්වූවා.
ක්ලාස්සන් ලකුණු 47යි.
දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීම සඳහා සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකළ ඩේවිඩ් මිලර් පන්දු 116කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 101ක් රැස් කළා.
එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වන ශතකයයි.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් කඩුලු 3 බැගින් දවා ගත් අතර Josh Hazlewood සහ Travis Head කඩුලු 2 බැගින් දවාගත්තා.