ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (12) පැවැත්වෙනවා.
එම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවාර 49යි 1 පන්දුවක් තුළ ඉන්දියාව සියලු දෙනා දැවි ලකුණු 213 ලබා ගැනීමට සමත් වුණා.
මෙහිදී දුනිත් වෙල්ලාලගේ විශිෂ්ඨ පන්දු යැවීමක් සිදුකරමින් කඩුලු 5 ක්ද චරිත් අසලංකද විශිෂ්ඨ පන්දු යැවීමක් සිදුකරමින් කඩුලු 4 ක් ලබාගත්තා.
මහීෂ් තීක්ෂණ විසින් කඩුලු 01ක් ලබා ගැනීමට සමත් වුණා.
තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවී ඇති ඉලක්කය ලකුණු 214ක්.