30 C
Colombo
Friday, May 17, 2024

බංග්ලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 235 ක් ලබා ගත්තා.

පන්දුවාර 50 අවසානයේ තරගය නවත්වන විට ශ්‍රී ලංකා කණ්ඩයමේ කඩුලු සියල්ල දැවී ගොස් තිබූ අතර, ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 236ක්.

අද (18) තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි පැතුම් නිස්සංක, ලහිරු කුමාර, දුනිත් වෙල්ලලගේ එක් ලකුණ බැගින්ද, අවිශ්ක ප්‍රනාන්දු 04, කුසල් මෙන්ඩිස් 29, සදීර සමරවික්‍රම 14, චරිත් අසලංක 37ක්ද, වනිඳු හසරංග ලකුණු 11ක්ද, මහීෂ් තීක්ෂණ ලකුණු 15ක්ද, ප්‍රමෝද් මධුෂාන් ලකුණු 03ක්ද රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ පන්දු 102කදී නොදැවී ලකුණු 101ක් රැස් කළ අතර, මෙම ශතකය ඔහුගේ මංගල ශතකයයි.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ Taskin Ahmed කඩුලු 03ක්ද, Mustafizur Rahman සහ Mehidy Hasan Miraz කඩුලු 02 බැගින්ද, Soumya Sarkar, Rishad Hossain එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

RECENT ARTICLES - SINHALA

සාම්පූර් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

මියගිය ඥාතීන් සිහිකර කැඳ බෙදා දීමේ සිද්ධියක් මූලික කරගමින් පසුගියදා සාම්පූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්  සිව් දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. මෝසමක්...

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...