28 C
Colombo
Saturday, May 18, 2024

පාකිස්තානයට ලකුණු 345ක ඉලක්කයක්

- Advertisement -

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

හයිද්‍රාබාද්හි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ආරම්භ වුනා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 344ක් ලබා ගත්තා.

ඒ අනුව පාකිස්තානයට ලකුණු 345ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙස පන්දු 65කදී කුසල් මෙන්ඩිස් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත් ව ශතකය වාර්තා කිරිමට සමත් වුණා .

මෙම තරඟයේදී සධීර සමරවික්‍රම සිය එක්දින මංගල ශතකය පන්දු 82 කදී වාර්තා කළා.

පන්දු යැවීමේදී Hasan Ali කඩුලු 04 ක් ද Shaheen Shah Afridi, Mohammad Nawaz, Shadab Khan, Haris Rauf කඩුලු 01 බැගින් ලබා ගත්තා.

RECENT ARTICLES - SINHALA

‍රෝමේන් විලිස්ට වාරණ නියෝගයක්

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන රොමේන් විලිස් හට කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇය විසින් මෑතකදී නිකුත් කරන ලද “ඒ...

මැල්සිරිපුර පොලිසියෙන් පාසල් සිසුවෙක්ට අමානුෂික ප්‍රහාරයක්

නිවසකින් වායු රයිෆලයක් සහ ජංගම දුරකථනයක් සොරාගත් බව පවසමින් ගමේ පාසල් සිසුවකු ඇතුළු දෙදෙනෙක් මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් පාසල්...

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...