26.1 C
Colombo
Sunday, May 18, 2025

ට්‍රැක්ටරයක් දුම්රියේ ගැටී අයෙක් මරුට

- Advertisement -

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියේ කොස්ගොඩ, දූවෙමෝදර දුම්රිය හරස් මාර්ගයේදි අත්ටැක්ටරයක් ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඉඳුරුව පදිංචි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු වූ තිලක් කුමාරසිරි නැමැති තිදරු පියෙක්.

අනතුරින් ට්‍රැක්ටරයේ රියදුරා තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර තිබෙන අතර පසුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ට්‍රැක්ටරයේ හතර දෙනෙකු ගමන් කර ඇති අතර දුම්රිය පැමිනෙනවාත් සමගම ට්‍රැක්ටරයේ පසුපස සිටි දෙදෙනා ඉන් ඉවතට පැන දිවි බේරාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ගේට්ටු රහිත වූ මෙම දුම්රිය හරස්මාර්ගයේ ස්වයංක්‍රීය සීනු හා විදුලි පහන් ඇතැම් අවස්ථාවලදි නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙලා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ මහතා එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන්...

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

POPULAR ARTICLES