28 C
Colombo
Saturday, July 27, 2024

මාධ්‍යවේදීන්ට නිමල් සිරිපාලගෙන් ටියුශන් පන්තියක්

- Advertisement -

රූපවාහිනී මාධ්‍යයෙන් පත්තර වැඩසටහන් ඉදිරිපත් කරන ඇතැම් මාධ්‍යවේදින්ට නිවැරදිව පුවත් ඉදිරිපත් කරන්නේ කෙසේදැයි කියා පංතියක් පැවැත්වීමට තමන් සූදානම් බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටින්නේ පත්තරවල ලියා ඇති බොහෝ කරුණු පත්තර වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන මාධ්‍යවේදින් ඔවුන්ගේ අදහස් දමා කුහක අර්ථකථන ලබාදෙමින් ඉදිරිපත් කරනු ලබන බවයි.

මෙසේ වැරදි අර්ථකථන ලබාදෙමින් පුවත් ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ ජනතාව නොමග යැවීමක් බව අමාත්‍යවරයා පවසනවා.

මෙවැනි මාධ්‍යවේදීන්ට, එම ඉදිරිපත් කිරීම් සිදුකරන්නේ කෙසේද කියා දැනගැනීමට එන්නේනම් තමන් ඒ අයට වෙනම පංතියක් පවත්වන බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...