2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ලබානොදෙන බව ක්‍රික් බස් වෙබ් අඩවිය වාර්තා කරනවා.
එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් පැය 4ක අමතර කාලයක් පමණක් ලබාදීමට ICCය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතන තීරණ කර තිබෙනවා.
2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 02 වනදා ආරම්භවීමට නියමිත අතර අවසන් මහා තරගය ජුනි 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගයට වර්ෂාවෙන් යම් බාධාවක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් අතිරේක දින ලබාදෙන බව තරගාවලිය ආරම්භයට පෙර සඳහන් කර තිබුණා.
පළමු අවසන් පූර්ව තරගයට එලෙස අමතර දිනයක් ලබාදුන්නද දෙවන අවසන් පූර්ව තරගයට එලෙස අමතර දිනයක් ලබාදීමට හැකිවන්නේ නැහැ.
ඒ දෙවන අවසන් පූර්ව තරගයට යම් හෙයකින් එලෙස අමතර දිනයක් ලබාදීමට සිදුවුවහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා ජයග්‍රාහී කණ්ඩායමට ඒ වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ පැය 24කටත් නොඅඩු කාලයක් පමණික් වන නිසාවෙන්.
මේ හේතුවෙන් දෙවන අවසන් පූර්ව තරගයට අමතර දිනයක් ලබානොදී අමතර පැය 4ක් පමණක් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සහ බටහිර ඉන්දීය කොදවේ කණ්ඩායම තීරණය කර තිබෙනවා.