31 C
Colombo
Saturday, July 27, 2024

මාස 06ක් පරීක්ෂණ කළ යුතු එන්නතක් මාස දෙකකින් නිෂ්පාදනයට අවසර දීලා

- Advertisement -

නිර්වින්දන කටයුතු මෙන්ම මොළය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ශ්‍රී ලාංකික සමාගමක් විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 08ක් මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ඊයේ (14) අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කෙරුණා.

අදාළ පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ එම එන්නත් වර්ග 8 මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ප්‍රණීතා. එන්. වර්ණකුලසූරිය සහ දෙව්ෂාන්. පී. බුද්ධරගේ යන අය විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිල් ශාන්ත සිරිමාන්න මහතා මේ බව අවධාරණය කළා.

අභියාචනාධීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් ඖෂධයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර එය මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් කළ යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් කොට ඇති බව කියා සිටියා.

එහෙත් වග උත්තරකාර සමාගම විසින් නිෂ්පාදන කළ එන්නත් වර්ග අටක් සඳහා මාස දෙකක් වැනි කාලයක් තුළ අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර ඇති බවත් ඒ තුළින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් අදාළ පනත අමු අමුවේ උල්ලංඝනය කර තිබෙන බවත් නීතිඥවරයා චෝදනා කළා.

ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පත්කර තිබෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ ආකාරයෙන් නීතිය උල්ලංඝනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් මේ තුළින් රෝගී ජනතාවගේ ජීවිත ඉතා භයානක ලෙස අනතුරේ හෙළීමට කටයුතු කර තිබෙන බවත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා චෝදනා කර සිටියා.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් සිය සේවා දායකයින් අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙන බව සඳහන් කළා.

රෝගීන්ට ලබා දෙන ඖෂධ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතු වුවහොත් ඊට අදාළව වෛද්‍යවරුන්ටද වගකීමක් පැවරෙන බවත් එවැනි කාරණා සම්බන්ධයෙන් ඇතැම් වෛද්‍යවරු නඩු හබවලට මුහුණ දුන් අවස්ථාද අනාවරණය වී තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.

එබැවින් මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් පෙත්සම්කරු දරන ස්ථාවරය සමඟ තමන්ද එකඟවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් ක‍ළා.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිෂ්පාදනය කරනු ලබන යම් ඖෂධයක් සඳහා මාස හයක සුපරීක්ෂණ කාලය අදාළ වන්නේ එය වාණිජ වශයෙන් වෙළඳපොළට නිකුත් කරන්නේ නම් පමණක් බව කියා සිටියා.

මෙම නඩුවට පාදක වන එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීමට අපේක්‍ෂා කරන බව කී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ජූනි මස 20 වනදා දක්වා කල්තැබීමට තීන්දු කළා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ නිලුකා වෙල්ගමගේ උපදෙස් මත නීතිඥ දෙශාරා ගුණතිලක සමග නීතිඥ නිල් ශාන්ත සිරිමාන්න මහතා පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...