28.9 C
Colombo
Thursday, March 27, 2025

වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් අනතුරක. අයෙක් මරුට

- Advertisement -

වන්දනා ගමනක් යමින් සිටියදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, ගල්ගමුව, මීඔය ආසන්නයේදී අද (26) අලුයම එම අනතුර සිදුව ඇති බවයි.

පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ගමන්කළ වෑන්රථය රියදුරුට නින්දයාම හේතුවෙන් මීඔය පාලමේ දූපතේ ගැටී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටී එම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ 15 දෙනෙකු පමණ පිරිසක් සිට ඇති බවයි වාර්තා ව්න්නේ.

වෑන් රථයේ ගමන්ගත් එක අයෙකු අනතුර සිදුවූ අවස්ථාවේදීම මියගොස් ඇති අතර, අනතුරින් තුවාල ලැබූ තවත් 13 දෙනෙකු ගල්ගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කළ අයගෙන් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

දළදා දැක්ම ගැන විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැතැයි...

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

POPULAR ARTICLES