32 C
Colombo
Monday, January 20, 2025

රනිල්ට එරෙහි ගොවි විරෝධයක් ගැන අධිකරණයෙන් තීන්දුවක්

- Advertisement -

මිහින්තලේ ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මෙම මස 15 දින පැමිණෙන බැවින් එම අවස්ථාවේ ගොවීන් පිරිසක් සංවිධානය කර ඇති විරෝධතාව වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මිහින්තලේ පොලිස් ස්ථානාධිපති රංජිත් චන්ද්‍රසිරි මහතා අනුරාධපුර අධිකරණයෙන් කළ ඉල්ලීම අතිරේක මහේස්ත්‍රත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය ඊයේ(12) තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබෙන්නේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මිහින්තලේ ප්‍රදේශයට පැමිණිමට නියමිත බවයි.

ජනාධිපතිවරයා එලෙස පැමිණෙන අවස්ථාවේ ගොවීන් පිරිසක් මිහින්තලේදී විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය කර තිබෙන බවත් එළෙස ජනාධිපතිවරයා පැමිණෙන අවස්ථාවේ විරෝධතාවයක් පැවැතිය හොත් ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

මෙම ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ජපන් නියෝජිත පිරිසක් සහ තවත් ප්‍රභූන් රැසක් එක්වීමට නියමිත බවත් එම අවස්ථාවේ විරෝධතා පැවතිය හොත් ජාත්‍යාන්තරය ඉදිරියේ ශ්‍රි ලංකාව අපකීර්තියට පත් වන බව පොලිසිය පවසනවා.

තවද පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර තිබෙන්නේ විරෝධතාවක් පැවැතියහොත් යාපනය මහනුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි ලෙස බාධා එල්ල වන බවයි.

මෙම කරුණ සැළකිල්ලට ගෙන අදාළ විරෝධතා පැවැත්වීම වළකාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වන වගන්තිය ප්‍රකාරව තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ශ්‍රි ලංකාව මේ වන විටත් ජාත්‍යාන්තරය ඉදිරියේ අපකීර්තියට පත්ව ඇති බැවින් මිහින්තලේ පොලිසිය ප්‍රභූවරුන් යැයි හඳුන්වන පිරිස් ඊට වගකිව යුතු බව මිහින්තලේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භාග්‍ය ශ්‍රි හේරත් මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබෙනවා.

විරෝධතා පැවැත්වීමට ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් මහජනතාවට හිමිකර දී ඇති අයිතිය අහුරා දැමීමේ අරමුණින් පොලිසිය කරන අනීතික ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිඥ භාග්‍ය ශ්‍රි හේරත් මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුව දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය පොලිසිය කළ එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළ බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

POPULAR ARTICLES

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...