25 C
Colombo
Saturday, March 22, 2025

පියවි ඇසට පෙනෙන උල්කාපාත වර්ෂාවක් අද

- Advertisement -

වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා.

මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතිනවා

අලුයම 4 – 5 දක්වා කාලයේදී උතුරු දිශාව ආශ්‍රිතව මේ උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා සඳහන් කළා.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ මෙම උල්කාපාත වර්ෂාව වීණාව යනුවෙන් හැඳින්වෙන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බවයි.

“මෙම උල්කාපාත වර්ෂාවේ දී පැයකට උල්කාපාත 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි වෙනවා. මේක අද රාත්‍රීයේ හෝ හෙට අලුයම උපරිම අවස්ථාවට පත්වනවා. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මේක නිරීක්ෂණය කළ හැකියි. අද ගැටලුවක් වෙනවා පූර්ණ චන්ද්‍රයා අපිට පේන නිසා. ඒ නිසා මේක නිරීක්ෂණය කරන්න හොඳම වෙලාව වෙන්නේ ‍අලුයම 4 – 5 දක්වා කාලයේ දී උතුරු දිශාව ආශ්‍රිතව මේ උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි වෙනවා.”

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

POPULAR ARTICLES