28.9 C
Colombo
Thursday, March 27, 2025

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත කිරීමේ ඊයේ (26) පැවති උත්සවයකට සහභාගී වෙමිනේ.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවුසවේ සමාජ මාධ්‍ය නියාමන පනත හරහා නෛතික පියවර ගන්නා බවයි.

හරීන් ප්‍රනාන්දු මහතා,

“සමාජ මාධ්‍ය කිහිපයක් ආයෙත් සූදානම් වෙලා ක්‍රිකට්වලට මඩ ගහන්න. ගොඩක් අය අද නොදන්න දේ මේ දඹුල්ල සිද්ධිය නිසා මටත් සනත් ජයසූරියටත් චෝදනා කරනවා. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය 2019 දී පිහිටුවූයේ මමයි. ලෝකේ නැති නීතියක් ලංකාවේ තිබීමම අපිට ශක්තියක්. අලුතෙන් ගෙනාපු ON LINE පනත හරහා මඩ ගහන සියලුදෙනාට නඩු පවරනවා. සියලුදෙනාගේ සමාජ මාධ්‍ය තහනමකට ලක්වෙනවා. එකම චෝදනා කරන කට්ටියක් එකම නාලිකාවක් අල්ලගෙන අපිට මඩ ගහනවා.”

RECENT ARTICLES - SINHALA

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

POPULAR ARTICLES