ඉරානයෙන් ඊශ්‍රායලය වෙත එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් පවතින සැකය හේතුවෙන් එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට එරට තුළ සංචරණය සඳහා සීමා පනවා තිබෙනවා.
එක්සත් ජනපද තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ ජෙරුසලම, ටෙල් අවිව් හෝ බියර් ෂෙවා යන ප්‍රදේශවලින් පිටතට නොයන ලෙස සිය කාර්ය මණ්ඩලය සාමාජිකයින්ට උපදෙස් නිකුත් කර ඇති බවයි.
දින 11කට පෙර ඊශ්‍රායලය විසින් සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.
ඩැමස්කස් හි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලය විසින් භාර ගෙන නොතිබුණද එම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් මෙහෙය වන ලද්දක් බවට බොහෝ පාර්ශව චෝදනා කරනවා.