25 C
Colombo
Saturday, May 24, 2025

ලිඛිත පරීක්ෂණය නැතුව උසස් පෙළ සිසුන්ට ලයිසන් ගන්න ක්‍රමයක්

- Advertisement -

මාර්ග ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය සංසදය විසින් ලබා දෙන කුසලතා පදක්කම ලබන සෑම අ.පො.ස උසස් පෙළ සිසුවෙකුටම රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ලිඛිත විභාගයට පෙනී නොසිට ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට සුදුසුකම් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මාර්ග ආරක්ෂව පිළිබඳ ශිෂ්‍ය සංසද පිහිටුවා පදක්කම් ප්‍රදානය කිරීමේ වැඩසටහන අද (03) සිට ආරම්භ කිරීම නියමිත අතර ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා සිසුන්ට ඊට සහභාගී වීමට අවස්ථාව හිමි වෙනවා.

එමෙන්ම මෙම මාර්ග ආරක්ෂාව පිළිබඳව ඇගයීම් ක්‍රමය තුළ පියවර කිහිපයක් ඔස්සේ ජනාධිපති පදක්කම් මට්ටම දක්වා සුදුසු කම් ලැබුවහොත් අදාළ සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී වැඩි ලකුණු සංඛ්‍යාවක් හිමි වීමට නියමිත ක්‍රමයක්ද සකසා තිබෙනවා.

ලසන්ත අලගියවන්න මහතා තවදුරටත් සඳහන් කළේ මෙම පදක්කම් ප්‍රදානය කිරීමේ ක්‍රමවේදය පාසලේ මෙන්ම ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඊට අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානිකරගෙන

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි...

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයෙන් තීරණයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට...

සජබේ අවුලක්: තවත් තුනක් ඉල්ලා අස්වෙලා

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙසේ ආසන සංවිධායක ධූරවලින්...

POPULAR ARTICLES

දසුන් ශානක යළි විස්සයි විස්ස සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග පවසනවා.  ඩේලී එෆ්.ටී පුවත්පත වෙත...