නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි පැටලීමත් සමග යතුරුපැදියෙන් ඇද වැටුණු එම කාන්තාව එම ලොරි රථයටම යටවීමෙන් මියගොස් ඇති බවයි.
ඊයේ (19) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 54 හැවිරිදි කාන්තාවක්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.