31 C
Colombo
Monday, June 17, 2024
spot_img

විදුලි රැහැනක ගැටී කාන්තාවක් මරුට

- Advertisement -

අයහපත් කාලගුණික තත්වය සමඟ කඩාවැටී තිබූ විදුලි රැහැනක ගැටී හොරණ මිවනපලාන ප්‍රදේශයේ කාන්තාවක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක්.

පොලීසිය සැකපළ කරන්නේ දැඩි සුළං තත්ත්වය මත විදුලි රැහැන මතට ගසක් කඩාවැටීමෙන් විදුලි රැහැන කඩා වැටී තිබෙන්නට ඇති බවයි.

එම කාන්තාවට අයත් ඉඩමක පොල් ඇහිඳීම සඳහා ගොස් සිටියදී ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදී තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානය හොරණ වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ කාන්ති කන්නංගර මහත්මිය විසින් පරීක්ෂා කිරීමෙන් පසුව මෘත ශරීරය අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා හොරණ දිස්ත්‍රික් රෝහලට යොමුකර තිබෙන බවට වාර්තා වනවා.

හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති.

RECENT ARTICLES - SINHALA

සජීවී ලිංගික දර්ශන චීන සමාගමකට විකුණූ යුවලක් අත්අඩංගුවට

ලිංගික දර්ශන සජීවීව චීන සමාගමකට අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. පිළියන්දල පොලීසියට ලද තොරතුරක් මත මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකපිට...

කොළඹ ප්‍රදේශ කිහිපයකට විසන්ධි වූ ජල සැපයුම ගැන දැනුම්දීමක්

ලබුගම - කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන හානියට පත් නළය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබා දිය හැකි...

කුලී ආදායම් බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...