28 C
Colombo
Saturday, July 27, 2024

කන්න නැති නිසා කාන්තාවක් සියදිවි හානි කරගනී

- Advertisement -

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇති ආහාර හිඟය හේතුවෙන් මේ වන විට මෙරට මධ්‍යම පන්තික සහ දිළිඳු පවුල් රැසක් පිඩාවට පත්ව සිටිනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ නවතම වර්තාවක සඳහන් වුයේ මෙරට මිලියන 3.4ක ජනතාවට මානුෂීය ආධාර අවශ්‍යය බවයි.

මෙවැනි වටපිටාවක කෑම සඳහා ආහාර සපයා ගැනීමට කිසිවක් නොමැති වීමේ දුෂ්කරතාව ඉවසාගත නොහැකිව අරණායක ප්‍රදේශයේ කාන්තාවක් දිවි නසා ගෙන තිබෙනවා.

මෙම කාන්තාව නිවසේ තිබූ පලිබෝධ නාශකයන් වැනි විෂ දියරයක් පානය කිරීමෙන් ඊයේ (01) මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ අරණායක ප්‍රදේශයේ බොස්සැල්ල, කළුගල 55 කොටසේ පදිංචිව සිටි 75 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්.

මියගිය වයෝවෘද්ධ කාන්තාව සැමියා සමඟ ජීවත් වී ඇති අතර එකම දියණිය රඹුක්කන, ගබ්බල ප්‍රදේශයේ ජීවත් වෙන බවයි සඳහන් වන්නේ.

ජිවිතක්ෂයට පත්වූ එක්දරු මවගේ සැමියා මීට පෙර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර උපයන මුදලින් දෙදෙනා ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් සැමියාගේ කකුල් දෙකෙන් පහළ කොටසේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක් ඇවිද ගැනීමට නොහැකිව දැඩි ආර්ථික දුෂ්කරතා රැසකට මෙම යුවල මුහුණ පා තිබෙනවා.

ඔවුන් දෙදෙනාට මසකට වැඩිහිටි දීමනා ලෙස රුපියල් 1900ක් සහ ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1950ක් සමඟ මසකට රුපියල් 3850ක මුදලකින් ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මරණ පරීක්ෂණයේ දී මියගිය කාන්තාවගේ සැමියා ප්‍රකාශ කර ඇත්තේ ජීවත් වීමට නොහැකි වීම හේතුවෙන් වයෝවෘද්ධ බිරිඳ දින ගණනාවක සිට කනස්සලෙන් සිටි බවයි.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...