26 C
Colombo
Sunday, May 19, 2024

ලැගුම්හල් විමර්ශනවලට අදාළව කාන්තාවක් අත්අඩංගුවට(වීඩියෝ)

- Advertisement -

කළුතර ලැඟුම් හලක පස්වෙනි මහලින් වැටී අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කාන්තාවක අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතික හැඳුනුම්පත නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරුව කරගැනීමක් සිදුනොකර බාලවයස්කාර දැරියකට ලිංගික ප්‍රයෝජන ලබාගැනීම සඳහා පරිශ්‍රය ලබාදීමේ වරදට සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අදාළ ලැගුම්හල පවත්වාගෙන යන හිමිකරුගේ බිරිඳව බව පොලීසිය පවසනවා.

සැකකාර කාන්තාව එදින ලැගුම්හලේ සේවය කරමින් සිට ඇති අතර, වෙනත් වැඩිහිටි තරුණියකගේ හැඳුනුම්පතක් ලබාගෙන මියගොස් ඇති පාසල් සිසුවිය ලැගුම්හට ඇතුළත් කරගෙන ඇති බව සඳහන්.

සැකකාරිය අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...