29 C
Colombo
Saturday, July 27, 2024

කාන්තාවකට පහරදී රන් භාණ්ඩ සොරාගෙන

- Advertisement -

හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණඩ හා හිමිකම් ඔප්පුවක් කොල්ලකා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

තියුණු ආයුධ ප්‍රහාරයෙන් මුඛයට, ගෙලට හා දෑතට කැපුම් තුවාල ලද කාන්තාව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

හෝමාගම දුම්රියපොළ පාරේ පිහිටි ප්ලාස්ටික් භාණඩ අළෙවි සැලක් විවෘත කිරීම සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ සිට තවත් කාන්තාවක් සමඟ  තුවාල ලද කාන්තාව අද (28) උදෑසන පැමිණ ඇති අතර ඊට පෙර සුපුරුදු පරිදි යාබදව පිහිටි සිය පුතාගේ දෙමහල් නිවසට ඇතුළු වීමට ගොස් තිබෙනවා.

එසේ යන අවස්ථාවේදී එහි නාඳුනන පුද්ගලයෙකු රැඳී සිටින අයුරු සහායක කාන්තාව දැක ඇති අතර එහිදී ඇයගේ කෑ ගැසීමත් සමග නාඳුනන පුද්ගලයා අත තිබූ තියුණු ආයුධයක් වෙළඳසැලහිමි කාන්තාවගේ ගෙලට තබා බියගන්වා පහර දී මරණීය තර්ජනය කොට ගෙළ බැඳි රන්මාලය, රන් වළලු දෙකක් හා අත් බෑගයේ තිබූ හිමිකම් ඔප්පුවක් කොල්ලකා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...