30 C
Colombo
Friday, May 17, 2024

පොලීසියට අල්ලස් දෙන්න ගිය කාන්තාවක් අත්අඩංගුවට

- Advertisement -

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තම සැමියා මුදාගැනීමට කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සඳහන් කළේ සැකකාරිය විසින් රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබාදීමට තැත් කර ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

කළුතර දකුණ දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී ශ්‍රී රංගා විසින් ඇයගේ සැමියාව හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන කළුතර දකුණ පොලීසියට රැගෙන විත් තිබුණා.

සැකකරු කමිසයක් ගෙන්වා ගැනීම සඳහා බිරිඳට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර, විනාඩි 20කට පමණ පසුව බිරිඳ පොලීසියට පැමිණ තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ඇය එහිදී පොලීසියේ දූෂණ මර්දන අංශයේදී එහි ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 03ක මුදලක් ලබාදී හෙරොයින් නඩුවෙන් සැකකරුව නිදහස් කරදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවයි.

එහිදී දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂ රුවන් විජේසිංහ මහතාව දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000ක් මහවැලි ගඟට

මහනුවර නගරයේ අප ජලය කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ ‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම නිසා දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න...

අනධ්‍යයන සේවක වර්ජනයෙන් විශ්වවිද්‍යාල දේශන ඔන්ලයින් ක්‍රමයට

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල දේශන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය හරහා සිදුකෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ...

මත්ද්‍රව්‍ය විනාශ කරන්න අධිබලැති උඳුනක්

මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අධිබලැති උඳුනක් ස්ථාපිත කර තිබෙනවා. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පසුගිය කාල සීමාවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...