32 C
Colombo
Sunday, June 4, 2023

ඇමති ප්‍රසන්න වෙනුවෙන් අරුම පුදුම Fact Check එකක්

- Advertisement -

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගිය 12 වැනිදා වතුපිටිවල රෝහලේ තාවකාලික කොවිඩ් වාට්ටුව විවෘත කිරීමේ උත්සවය පිළිබදව, ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි පලවන තොරතුරු පිළිබද නිරවද්‍යතාවය පිරික්සන ආයතනයක් වන Factcrescendo – Sri Lanka ආයතනය අපූරු තොරතුරු තහවුරු කරගැනීමක් පලකර තිබෙනවා.

ඊට අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වතුපිටිවල රෝහලේ කොවිඩ් වාට්ටුව විවෘත කලද ඒ සඳහා කිසිදු උත්සවයක් නොපැවැත්වූ බවයි ඔවුන් තහවුරු කර ඇත්තේ.

ඒ පිළිබදව අදාළ ආයතනය වතුපිටිවල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක මහතාගෙන් විමසා ඇති අතර ඔහු එහිදී සදහන් කර ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලය විසින් පීත්ත පටිය කැපීමට, පොල්තෙල් පහන දැල්වීමට සහ රෝහල් කාර්ය මණ්ඩලය වෙත ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරුන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා කටයුතු පමණක් සූදානම් කර තිබුනත් එය විවෘත කිරීමේ උත්සවයක් නොවන බවයි.

හාස්‍යයට තුඩුදෙන කාරණය නම් ඇමතිවරයෙක් පීත්ත පටියක් කපා, පොල්තෙල් පහනත් දල්වා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට රෝහල් කාර්ය මණ්ඩලයද අමතන්නට අවස්ථාවදීම උත්සවයක් ලෙස නොදැකීමයි.

එවන් අවස්ථාවන්වලට භාවිතා කරන වෙනත් නමක් තිබේදැයි කියා හෝ Factcrescendo – Sri Lanka ආයතනය රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍යවරයාගෙන් නොවිමසීම පුදුම සහගත කරුණක්.

එම ලිපියේ තවත් අපූරු අහඹු සිදුවීමක් පිළිබදවද වාර්තා වනවා.

ඊට අනුව Factcrescendo – Sri Lanka ආයතනය සංචාරක අමාත්‍යාංශයෙන් අදාළ විවෘත කිරීම පිළිබදව විමසා තිබෙනවා. (විමසූ වගකිව යුතු පුද්ගලයා පිළිබදව හෝ ඔහුගේ තනතුර පිළිබදව එහි සඳහන්වන්නේ නැහැ)

එහිදී සංචාරක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මිනුවන්ගොඩ, මීරිගම යන රෝහල්වල තාවකාලික කොවිඩ් මධ්‍යස්ථාන නිමවා එම රෝහල්වල අධ්‍යක්ෂකවරුන්ට ලිපියකින් එහි අයිතිය භාරදුන් අතර වතුපිටිවල රෝහලට අමාත්‍යවරයා අධීක්ෂණයට හා එම ලිපිය භාරදීමට ගිය බවයි.

එම අවස්ථාවේ කාර්ය මණ්ඩලය විසින් කොවිඩ් මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා පීත්ත පටියක් කැපීමට හා පොල්තෙල් පහන දැල්වීමට පමණක් කටයුතු යොදා තිබුණු බවත් එය ප්‍රතික්ෂේප කිරීමට අමාත්‍යවරයාට හේතුවක් නොතිබුණු හෙයින් ඒ අනුව කටයතු කළ බවත් සංචාරක අමාත්‍යංශය සදහන් කර තිබෙනවා.

එමෙන්ම අමාත්‍යාංශය විසින් මෙම අවස්ථාව සූදානම් නොකළ බවට ඔවුන් අවධාරණය කළ බවත් මීට පෙර තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන භාරදුන් අවස්ථාවේද මෙවන් විවෘත කිරීම් අමාත්‍යාංශය විසින් සිදු නොකළ බවත් සංචාරක අමාත්‍යාංශය (නමක් හෝ තනතුරක් නොමැති) පැවසූ බවයි.

අපූරු අහඹු සිදුවීමක් ලෙස බැලූ බැල්මටම පෙනෙන මෙම සිදුවීම පිළිබදව විශ්වාසය පලකර එය තොරතුරු තහවුරු කිරීමක් ලෙස Factcrescendo – Sri Lanka ආයතනය පලකිරීම අතිශයින්ම කණගාටුවට කරුණක්.

මෙම උත්සවය සංවිධානය කිරීමේ වගකීම යන්නේ ප්‍රසන්න රණතුංග මහතාගේ අමාත්‍යාංශයට නොව, රෝහලට බව වක්‍රාකාර ලෙස හැඟවීමක්ද මෙමගින් සිදුකර තිබෙනවා.

මෙය උත්සවයක් නොවන්නේ නම් අමාත්‍යවරයාට හා ප්‍රාදේශිය මන්ත්‍රීවරුන්ට රොහල් කාර්ය මණ්ඩලය ඇමතීම සඳහා ස්පීකර් සහිත මයික්‍රොෆ්‍රෝනයක් පවා සූදානම් කර තිබුනේ ඇයිදැයි ප්‍රශ්න කිරීමට තරම් ඔවුන් මධ්‍යස්ථ නොවීම පුදුම සහගත වනවා.

ඒ අනුව එම ලිපියෙහි අවසාන නිගමනය ලෙස සටහන් කර තිබුනේ සංචාරක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නිම වූ වතුපිටිවල රෝහල් හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශයට භාරදීම පිළිබඳ අයත් ලිපිය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ලබාදීමට ගිය අවස්ථාවේ වතුපිටිවල රෝහල් කාර්ය මණ්ඩලය විසින් අමාත්‍යවරයාට පීත්ත පටිය කපා, පොල්තෙල් පහන දැල්වීමට සූදානම් කර තිබු අවස්ථාවේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි අර්ථකථනයක් යටතේ හුවමාරු වී ඇති බව පෙනී යනබවයි.

අමාත්‍යවරයා පවා පැහැදිලි කිරීමේ හෝ නිවැරදි කිරීමේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර නොතිබූ පරිසරයක් තුළ Factcrescendo – Sri Lanka ආයතනය මැදිහත් වී අමාත්‍යවරයා වෙනුවෙන් මෙම සද්කාර්ය සිදුකිරීම හරහා ෆේස්බුක් පරිශීලකයන් හට සිදුවන හානිය පිළිබදව ෆේස්බුක් පරිශීලකයන් වඩාත් සැළකිලිමත් විය යුතු වනවා.

මන්ද ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි පලවන තොරතුරු පිළිබද නිරවද්‍යතාවය පිරික්සා (Fact Check) ඒ පිළිබදව ෆේස්බුක් ආයතනයට වාර්තා කරන එහෙත් වඩාත් නිවැරදි හෝ සමබර නොවන තොරතුරු ඇතුළත් වන මෙවැනි ලිපි තුළින් ෆේස්බුක් පරිශීලකයන්ගේ ගිණුම් වාර්තාවීමේ (Report) අවධානමක් පැවතීමයි.

Factcrescendo – Sri Lanka ආයතනය පලකල ඇමති ප්‍රසන්නගේ ලිපිය පහතින්,

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.