24 C
Colombo
Thursday, February 20, 2025

මාස 4ක් තිස්සේ තරුණයෙක් අතුරුදන්

- Advertisement -

හැටන් නගරයේ බස් නැවතුම්පොළේ ආහාර පාන අලෙවි කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙක් සිව් මසක් පුරා අතුරුදන් වී ඇතැයි හැටන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

එම තරුණයාගේ පියා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

හැටන් බස් නැවතුම්පොලේ වඩේ ඇතුළු සුළු ආහාර අලෙවි කරමින් ජිවන උපාය සිදුකරගෙන යන තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත්, ඉන් වැඩිමහල් පුතා වන ආර්. මහමුද් නැමැත්තා පසුගිය දෙසැම්බර් 13 වන දින සිට අතුරුදන්ව ඇතැයි එම පියා විසින් පොලීසියට පැමිණිලි කර තිබුණා.

වෙළෙඳාම් කටයුතු සඳහා උපකාර කිරීමට යන බව පවසා අදාළ තරුණයා නිවසින් පිටව ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් දෙසැම්බර් 15 වන දින පියා විසින් පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පුතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැටන් පොලීසිය සිදුකරන විමර්ශනවලට අමතරව තමන් ද සිය දරුවා සොයා ඥාති නිවාසවලට ගිය බවත්, තම දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් ලැබී නොමැති බවත් පියා පවසනවා.

පොලීසිය මේ වනවිටත් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන අතර, එම තරුණයා පිළිබඳව තොරතුරක් වෙතොත් හැටන් පොලීසියේ 071 859 1117, 0512222222 හෝ 0512222520 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES