30 C
Colombo
Friday, May 17, 2024

විෂ මාළු ආහාරයට ගත් තරුණියක් මිය ගිහින්

- Advertisement -

කලවන්චිකුඩි කලුදාවලි ප්‍රදේශයේ දී විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගැනීමෙන් තරුණියක් මිය ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ ඇයගේ මවද අසාධ්‍ය තත්ත්වයෙන් මඩකළපුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

ඊයේ (08) කලුදාවලි වෙරළ තීරයේ ධීවරයින් විසින් ඉවත්කර තිබු මත්ස්‍ය වර්ගයක් මියගිය තරුණියගේ මව නිවසට රැගෙන විත් තිබෙනවා.

එම මත්ස්‍ය වර්ගය විෂ සහිත බැවින් ඒවා ආහාරයට නොගන්නා ලෙස ධීවරයින් එම කාන්තාවට දැනුම් දී තිබුණ ද එම ප්‍රකාශ නොසලකමින් ඒවා නිවසට රැගෙන ගොස් පිස සිය දියණිය සමග ආහාරයට ගෙන ඇති බවට වාර්තා වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පසුව රෝගී වූ ඔවුන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී 27 හැවිරිදි දියණිය මිය ගොස් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...