26 C
Colombo
Friday, December 8, 2023

මගේ සිරදඬුවම අහෝසි කරන්න – ඇමැති ප්‍රසන්න

- Advertisement -

කොළඹ මහාධිකරණය විසින් තමන්ට එරෙහිව ලබා දුන් තීන්දුවේ ඇති අත්හිටවූ සිරදඬුවම අහෝසි කර නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අද (20) සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී එම පෙත්සම ලබන 27 වැනි දා කැඳවීමට නියම කළා.

මෙම අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබුණා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඉඩම් ගොඩ කිරීමකට අදාළව ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන චෝදනාවට වරදකරු කෙරුණු ඒ මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් නියම කොට එය වසර 05 කට අත්හිටුවීමට තීන්දු කළා.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් ද නියම කෙරුණු අතර රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් කොළඹ මහාධිකරණය විසින් ප්‍රසන්න රණතුංග මහතාට නියම කර තිබුණා.

එම දඬුවම්වලින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත ගොනු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...