31 C
Colombo
Saturday, June 10, 2023

නව මුදල් පනත් කෙටුම්පතේ පරම රහස්‍යභාවය ඉවතට

- Advertisement -

දැනට බලපැවැත්වෙන මුදල් පනත සංශෝධනය කරමින් ඉදිරිපත් කර ඇති නව මුදල් පනත් සංශෝධන කෙටුම්පතේ ඇතුළත්ව තිබූ ‘පරම රහස්‍යභාවය’ යන්න ඉවත් කරන ලෙස මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්ව කරන ලද ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන තිබේ.

මෙම පනත් කෙටුම්පතට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් සලකා බැලීම පසුගිය 28 වැනිදා ඇරඹිණි.

29 වැනි දින එම පෙත්සම් සම්බන්ධයෙන් වාචික දේශන පැවැත් වූ අතර, එහි දී පරම රහස්‍යභාවය යන්න ජවිපෙ වෙනුවෙන් පෙනී සිටි සුනිල් වටගල ඇතුළු නීතිඥ කණ්ඩායම අභියෝගයට ලක් කරන ලදි. ශ්‍රේෂ්ඨාධිකරණය එම කරුණු පිළිගෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ‘නිල රහස්‍යභාවය’ යන්නට පමණක් අවසර ලබා දී ඇත.

පරම රහස්‍යභාවය ආරක්ෂා කරන්නේ නම්, අධිකරණය හෝ වෙනත් කිසිදු නිල ආයතනයකට අදාළ තොරතුරු ලබා ගත නොහැකි ය.

එහෙත්, නිල රහස්‍යභාවය යනුවෙන් අදාළ සංශෝධනය පිළිගැනීම නිසා අධිකරණය, විගණකාධිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නිල ආයතනවලට අදාළ තොරතුරු ලබා දීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුතු ය.

මෙම පනත් කෙටුම් පත සඳහා නීතිපතිවරයා විසින් තාක්ෂණික කරුණු 07ක් සම්බන්ධයෙන් සංශෝධන එක් කර තිබේ.

මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා වෙත යොමුකිරීමට නියමිත ය.

මේ පනත් කෙටුම්පත මගින් කළු සල්ලි සුදු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවටත්, එය මූල්‍ය ක්ෂේත්‍රයේ බරපතළ පරිහානියකට හේතු වන බවටත් මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයෝ සැක මතු කර තිබිණි.

RECENT ARTICLES - SINHALA

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...