28.8 C
Colombo
Wednesday, March 26, 2025

A/C යන්ත්‍රවල තත්වය පරීක්ෂා කරන්න විද්‍යාගාරයක් ලංකාවට  

- Advertisement -

ශ්‍රී ලංකාවේ වායු සමන යන්ත්‍රවල බලශක්ති කාර්යක්ෂමතා පරීක්ෂාව සඳහා විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා.

හරිතාගාර වායු (GHG) විමෝචනය අඩු කිරීමේ ව්‍යාපෘතිය යටතේ වායුසමන යන්ත්‍රවල බලශක්ති කාර්යක්ෂමතා පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකාවේ විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම පිණිස සහාය ලබා දීමට දකුණ කොරියානු රජය විසින් එකඟතාව පළ කර තිබෙනවා.

රජය පවසන්නේ කොරියා බලශක්ති කාර්යාංශය හරහා මූල්‍යයනය කරනු ලබන මෙම ව්‍යාපෘතියේ විද්‍යාගාරය ස්ථාපනය කිරීම සහ අවශ්‍ය මානව සම්පත් පුහුණු කිරීමේ කටයුතු 2024 වර්ෂයේදී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාව පළ කරමින් දකුණු කොරියානු රජය සහ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තැබීමට නියමිත සාකච්ඡා සටහන සහ යොමු කිරීමේ අනුදේශ සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව ලැබී තිබෙනවා.

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි දෙරට අතර එකඟතාව පළ කිරීමේ සාකච්ඡා සටහනට සහ යොමු කිරීමේ අනුදේශයන්ට අත්සන් තැබීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

RECENT ARTICLES - SINHALA

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

POPULAR ARTICLES