30 C
Colombo
Sunday, April 14, 2024

මහ බැංකු අධිපතිගෙන් මන්ත්‍රීවරුන්ට ආර්ථිකය ගැන අමතර පන්ති

- Advertisement -

“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් මහ බැංකු අධිපතිවරයා මෙහෙයවන සංවාදමය කථිකාවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම්වරිය සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බව වාර්තා වනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කරන මෙම සංවාදමය කථිකාව 2022 අගෝස්තු 30වන අඟහරුවාදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වූ ඉදිරි පාර්ලිමේන්තු විවාදයන්ට ක්‍රියාකාරී ලෙස සහභාගිවීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික මඟ පිළිබඳව ඵලදායී කථිකාවක් සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම සංවාදමය කථිකාව සංවිධානය කොට ඇති බවද වැඩබලන මහ ලේකම්වරිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී කුඩා දැරියක් මරුට

අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේදී ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, වැසිකිළියක් මත රඳවා තිබූ ජල ටැංකියක සිට...

‘අලුත්වීම’ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරනවා – ජනපති

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ, ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවයි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත්...

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...