28 C
Colombo
Saturday, July 27, 2024

ආදිත්‍ය L-1 ගමනාන්තයට ළඟා වෙයි

- Advertisement -

ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය මඟින් දියත් කළ සිය ප්‍රථම සූර්ය ගවේෂණ මෙහෙයුම් යානය වන ආදිත්‍ය L-1 එහි ගමනාන්තයට පැමිණ තිබෙනවා.

ඒ අනුව, එම ස්ථානයේ සිට සුර්යයා අඛණ්ඩව නිරීක්ෂණය කිරීමට මෙම යානයට හැකියාව ලැබෙනු ඇති.

2023 වසරේ සැප්තැම්බර් දෙවැනි දින අභ්‍යවකාශගත කරනු ලැබූ ආදිත්‍ය L-1 යානය සූර්යයා දෙසට ළඟා වීම සඳහා මාස 4ක කාලයක් ගත වී තිබෙනවා.

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ළඟා වීමේ ඓතිහාසික ජයග්‍රහණයෙන් දින කිහිපයකට පසු ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය සූර්යයා නිරීක්ෂණය කිරිමේ මෙහෙයුම ආරම්භ කළා.

ආදිත්‍ය L-1 නියමිත ලෙස ස්ථානගත වීමෙන් අනතුරුව ඊට  පෘථිවිය හා සමාන වේගයකින් සූර්යයා වටා කක්ෂගත වීමට හැකි වනු ඇති බව ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පෙන්වා දෙනවා.

එමෙන්ම, එම ස්ථානයේ සිට සූර්යයා නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමට සහ විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බවද තවදුරටත් වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...