31 C
Colombo
Saturday, July 27, 2024

තියුණු සටනකින් පසු ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට

- Advertisement -

2023 ආසියානු තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතර ඊයේ (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වුණා.

තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිම නිසා පන්දුවාර 42කට තරඟය සීමා කර තිබුණා.

කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථානු නායක බාබර් අසාම් සමත්වු අතර පළමුව පන්දුවට පහර දීමට ඔහු තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 42 දී කඩුලු 7ක් දැවී ලකුණු 252 ක් ලබා ගත්තා.

එහිදී පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Mohammad Rizwan ලකුණු 86කින් පාකිස්තාන ලකුණු පුවරුව ශක්තිමත් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

පාකිස්තානය වෙනුවෙන් හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමග පන්දු 69කදී ලකුණු 52ක් රැස්කරගැනීමට Abdullah Shafique සමත්වුණා.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 65කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වු අතර ප්‍රමෝද් මධුශාන් ලකුණු 58කට කඩුලු 2ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 42 දී කඩුලු 8 ක් ක් දැවී ලකුණු 253 ක් ලබා ගැනිමට සමත් වුණා.

ඩක්වත් ලුවිස් නයායට අනුව අද ශ්‍රි ලංකා කණ්ඩාමයම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවති සුපිරි 4 දෙනාගේ වටයෙ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 කින් කින් ජයග්‍රහණය කිරිමත් සමඟ එළෙඹෙන 17 වැනිදා ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සුදුසුකම් ලැබුවා.

ශ්‍රීලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 29 ක් ලබා ගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන එමින් ලකුණු 91ක් රැස්කර ගැනීමට සමත්වු අතර පන්දු 87ක් තුළ ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඇතුළත්.

මෙන්ඩිස්ට අගනා සහායක් ලබාදුන් සධීර සමරවික්‍රම පන්දු 51කදී හතරේ පහර 4ක් සමග ලකුණු 48ක් රැස්කළා.

පන්දු යැවීමේදී Shaheen Shah Afridi කඩුලු 02, Shadab Khan කඩුලු 01 යි, Iftikhar Ahmed කඩුලු 03 ක් ලබා ගත්තා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...