24 C
Colombo
Tuesday, March 21, 2023

නැවතත් කොවිඩ් පොකුරු හිස ඔසවයි. පමුණුවේ කඩවල් දෙකක් වැසේ (වීඩියෝ)

- Advertisement -

නිමාවූ උත්සව සමයෙන් පසුව මහරගම – පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.

ඒ අතරින් එක් ආසාදිතයෙක් අප්‍රේල් මස 11 වැනිදා හඳුනා ගෙන ඇති අතර සෙසු පුද්ගලයින් එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් වනවා.

මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මේ අතර පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සිදුකරන ලද PCR පරීක්ෂණ 130කින් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පිළියන්දල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාර්ක් ද සිල්වා මහතා සඳහන් කරන්නේ අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවයි.

මොවුන් ඇරවුවල, රත්මල්දෙණිය, ගොරකපිටිය හා බෝකුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මෙරට තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබිම නිසා විශාල කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

පසුගිය දිනවල කොවිඩ් රෝගීන්ගේ යම් අඩුවීමක් තිබු නමුත් නැවත රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් වැඩි වී ඇති බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.