29 C
Colombo
Saturday, July 27, 2024

වායු ගෝලයේ ගුණාත්මකභාවය නරක අතට

- Advertisement -

දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන් කොළඹ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

වායු ගුණත්ව දර්ශකයට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල වායු ගුණත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑම් ඇති වන මට්ටමේ පවතින බව සඳහන්.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කොළඹ, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, බදුල්ල, කුරුණෑගල, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්කවල වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යමය වශයෙන් අයහපත් බලපෑම් ඇති විය හැකි මට්ටමේ පවතින බවයි.

වියළි කාලගුණ තත්ත්වය හා අසල්වැසි රටවලින් හමා එන අහිතකර දූවිලි අංශු එම තත්ත්වයට හේතු වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන්, හෘද රෝග, ශ්වසන රෝගවලින් පසු වන පුද්ගලයින්, වයස්ගත පුද්ගලයින් හා කුඩා ළමුන් එළිමහනේ දී මුව ආවරණ පැළලඳීම සිදුකිරීම වැදගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ දැනුම් දෙනවා.

එම සංවිධානය සඳහන් කළේ විශේෂයෙන් කැලෑ ගිනි තැබීම්, කැලිකසළ දහනය, රථවාහන ධාවනය යන කරුණු මෙලෙස වායු දූෂණය ඉහළ යාමට හේතු වන බවයි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...