27 C
Colombo
Sunday, March 26, 2023

ඓශ්වර්යා ලෝක රූ රැජිණ වී වසර 26 ක්

- Advertisement -

වසර 26කට පෙර 1994 වසරේ අද වැනි දවසකදී ඓශ්වර්යා රායි ලෝක රු රැජින ලෙස කිරුළු පැළදීමට තරම් වාසනාවන්ත වුණා. එය කෙතරම් වාසනාවක්ද යත් 1965 වසරෙන් පසුව ඉන්දියාවට එම කිරුළ ලැබූ පළමු අවස්ථාව එයයි.

1991 වසරේ ඓශ්වර්යා අධ්‍යාපනය ලැබූ පාසලේ ගුරුවරියක් විසින් ඇයගේ ඡායාරූපයක් පාසලේ සඟරාවක පළකර තිබෙනවා. පසුව ඇයව මෝස්‌තර නිරුපන ශිල්පය ඉගෙන ගැනීම සදහා යොමුකෙරුණා. ඉන්පසුව 1993 වසරේදී FORD ආයතනය සංවිධානය කරන ලද International Supermodel තරඟයේදී ඉන්දියාව නියෝජනය කරමින් ඓශ්වර්යා ජයග්‍රහණය කළා. අනතුරුව අමීර් ඛාන්, මහීමා චෞද්රි සමගින් රඟපෑ Pepsi ආයතනයේ දැන්වීමක් සමඟින් ඇය ඉන්දියාව තුළ බොහෝ දෙනෙක් දැනහදුනාගත්තා. එම දැන්වීම තුළ ඇය පැවසූ “Hi, I’m Sanjana” දෙබස බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වුණා.

පසුව Femina ආයතනය විසින් ඓශ්වර්යා රායි හට මිස් ඉන්දීයා තරඟයට තරඟ වදින ලෙස ඇරයුම් කර තිබෙනවා. මෙම කිරුළ ඉන්දියාවට ලබාගැනීමට Femina ආයතනය සිදුකල මෙහෙයද ඉතාමත් අගය කල යුත්තක්. 90 දශකයේ සිට ‍Femina සඟරාව මගින් රූමත් , අධ්‍යාපන මට්ටමින් ඉහල සහ උස අඩි 5 අඟල් 6ට වැඩි තරුණියන් ඉන්දීය රූ රැජිණ තරඟයට තරඟ වැදීමට උනන්දුකර තිබෙනවා. නිල් සහ කොළ ඇස් ඇති අඩි 5ත් අඟල් 7ක් උස ඓශ්වර්යා රායි, මිස් ඉන්දීයා තරඟයට ඉදිරිපත්වීම නිසා බොහෝ නිරුපන ශිල්පිනියන් 1994 වසර මගහැර මීළඟ වසරේදී එම තරඟයට සහභාගීවන බව පවසා ඉන් ඉවත්ව තිබෙනවා. ඒ අනුව පැවති තරඟයේදී එවකට ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙස රුපරෙල් විශ්ව විද්‍යාලයේ 3වන වසරේ සිසුවියක්ව සිටි ඓශ්වර්යා රායි Femina මිස් ඉන්දියා තරගයේ දෙවන ස්ථානය දිනාගනිමින් ලෝක රු රැජිණ තරඟයට සුදුසුකම් ලබනවා. මෙම තරඟයේදී පළමු ස්ථානය දිනාගත්තේ සුශ්මිතා සෙන් විසින්. සුශ්මිතා සෙන් මෑතකදී පවසා තිබුනේ ඇයත් ඓශ්වර්යා මෙම තරඟයට සහභාගි වන බව දැනගත් නිසා ඉන් ඉවත්වීමට සූදානම්ව සිටියත් ඇයගේ මවගේ බලකිරීම හේතුවෙන් අවසානයේ ඇය එම තරගයට සහභාගි වූ බවයි. අවසාන වටයේදී දෙදෙනාම සම ලකුණු ලබා තිබු නිසා විනිශ්චය මණ්ඩලය විසින් ඇසු අවසාන ප්‍රශ්නයේදී සුශ්මිතාට වැඩි ලකුණු හිමි උනා. පසුව තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් සුෂ්මිතා සෙන් විශ්ව රූ රැජිණ (Miss Universe) තරඟයටත් ඓශ්වර්යා රායි මිස් වර්ල්ඩ් (Miss world) තරඟයටත් සහභාගී වුණා.

එම තරඟාවලි දෙකම උඩුයටිකුරු කරමින්, ඉන්දියාව ලෝකයේ අතිශය ජනප්‍රියත්වයටත් කාගේත් කතාබහටත් ලක්කරමින් 1994 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති Miss world තරඟයෙන් ඓශ්වර්යා රායි ලෝක රූ රැජිණ ලෙස කිරුළ දිනාගද්දී ඊට මාස 6 කට පෙර 1994 මැයි මාසයේ පිලීපීනයේ පැවති Miss Universe තරඟයෙන් සුශ්මිතා සෙන් විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පැළදුවා.

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...