32.3 C
Colombo
Wednesday, February 28, 2024

අජිත් ප්‍රසන්න ට ඇප

- Advertisement -

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නීතිඥ අජිත් ප්‍රසන්න ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.

ඒ මහතා වෙනුවෙන් ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රියන්ත ප්‍රනාන්දු සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කර ඇත.

ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසත් සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කරන ලෙසත් නියෝග කර ඇත.

අජිත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ තම සේවාදායකයා මින්මතුවට සාක්ෂිරුවන්ට බලපෑම් සිදුවෙන ආකාරයේ ප්‍රකාශ මාධ්‍ය හරහා නිකුත් නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් මගින්  අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙන බවය.

තම සේවාදායකයාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම යන කරුණු සුවිශේෂ කරුණු සේ සලකා ඔහු ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ද එකඟතාවය පළකර ඇති අතර ඒ අනුව අභියාචනාධිකරණය විසින් අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කර ඇත.

කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කිරීම තුළින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත්කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් ආයතනවල කොටස් පැවරීම ගැන අධිකරණ නියෝගයක්

0
දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12...

පාඨලී – ඩලස් පිල අතර හමුවක්

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වූ බව එක්සත් ජනරජ පෙරමුණේ...

ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය දියුණු කරන්න කොරියාව සමඟ සාකච්ඡා

කොරියානු රජයේ තානාපතිනිය, මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර  බලශක්ති සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (27) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...