25 C
Colombo
Saturday, March 25, 2023

ආජු තපර ලාහිලා, බීජු තපර ලාහිලා..! – රනිල්ගේ අතුරු අයවැය කතාව

- Advertisement -

ආර්ථික අර්බුදය විසඳීමට සාම්ප්‍රදායික මතවලින් ඉවත් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, මේ වසරේ ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් ඇස්තමේන්තු සහිත අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

ඒ සඳහා වන විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතට අද (30) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණි.

එකිනෙකාට චෝදනා කරමින් වත්මන් අර්බුදය විසඳා ගත නොහැකි බවත් මෙයට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් මගින් පමණක් බවත් කෙටි කාලීන විසඳුම් රැසක් ගෙන ඇති නමුත් වසර 25ක කාලයක් සඳහා හෝ ක්‍රියාත්මක වන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් ජනාධිපතිවරයා අතුරු අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,


* 2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වේ.

* වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කිරීම.

*විදෙස් ආයෝජන සම්බන්ධයෙන් අප මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති යහපත් නෑ.

*අදායම් වැඩිකිරීමට නව යෝජනා 2023 අයවැයට ඉදිරිපත් කරනවා.

*අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අවස්ථාව දෙනවා.

*ප්‍රමුඛ කේෂ්ත්‍ර සඳහා අරමුදල් යොදවනවා.

*රාජ්‍ය වියදම් ක්‍රමවේදය හොඳින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති හඳුන්වා දීමට කටයුතු කරනවා.

*රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ශනයට පියවර ගන්නවා.

*රාජ්‍ය සේවකයින් හා අර්ධ රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

*රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා මින් ඉදිරියට පොසිල ඉන්ධන පාදක කරගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවනවා.

*එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 1 වනදා සිට 12% සිට 15% දක්වා ඉහළට.

*ආරක්ෂක උපාය මාර්ග සංශෝධනය සඳහා යෝජනා කරනවා.

*රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට රු.මි 200ක් වෙන් කෙරේ.

*රාජ්‍ය ආයතනවල ගොඩ ගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණයට රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කොමිටුවක් පත්කරනවා.

*නව බැංකු පනත ක්‍රියාත්මක කිරීම.

*ආරක්ෂක උපාය මාර්ග සංශෝධනය සඳහා යෝජනා කරනවා.

*පීඩාවට පත්වුවන්ට ඉදිරි මාස සඳහා ද සහනාධාරය නොකඩවා ලබාදෙනවා.

*ගැබිනි මව්වරුන්ට දැනට ලබාදෙන රු 20,000 අමතරව රු 2,500ක අතිරේක දීමනාවක්.

* ආහාර සුරක්ෂිතතාවයක් නොමැති පවුල් සඳහා ඉදිරි මාස 4ට රු 10,000ක් ලබාදෙනවා.

*වතු ජනතාවට සහනාධාර.

* විදුලිය මඟින් ක්‍රියාකරන වාහන පමණක් රාජ්‍ය සේවා සඳහා යොදාගැනීමට පියවර

*හිඟයකින් තොරව ගෑස් ලබාදෙනවා. ඒ සඳහා රු බි 25 මුදලක් වෙන් කරනවා.

*භූමිතෙල් අර්බුදයෙන් පීඩාවට පත් ධීවරයින්ට සහනාධාර.

*වැඩිහිටි, ආබාධිත පුද්ගලයින් සඳහා රු 5,000ත් 7,500ත් අතර දීමනාවක්.

*ආර්ථික ස්ථායීකරණයට අදාළ පනත් කොටුම්පත් රැසක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට.

*කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයට නව තාක්ෂණය යොදාගැනීම හා තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොදාගැනීමට පියවර‍.

*රැකියා විරහිත කණ්ඩායම් වෙත අක්කර 20ක ඉඩම් ලබාදීමට පියවර.

*දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමට පියවර.

*දේශගුණික බලපෑම් අවම කරගැනීමට සුදුසු පියවර කඩිනමින් ගැනීම.

*ශ්‍රී ලංකාව තුළ විදේශ සිසුන්ට අධ්‍යාපන පහසුකම් ලබාදීමට ශාඛා විශ්වවිද්‍යාල ඇති කිරීමට පියවර.

*රාජ්‍ය බැංකුවල මුල් කොටස් අයිතියෙන් 20%ක් තැන්පත් කිරීම.

*කොතලාවල විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගලට.

*නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවල සේවය කරන අයට වැඩිදුර පුහුණුවක්.

*ස්වයං රැකියා සඳහා විධිමත් පුහුණුවක් හා සහතියක් ලබාදීමට කටයුතු කිරීම තුළින් රැකියා සුරක්ෂිතතාවය ඇති කිරීම. රු මි 200ක් ඒ සඳහා වෙන් කිරීම.

*දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය ට නැඹුරු වීම.

*කලාපීය වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට නැවත උත්සාහයක් ගන්නවා.

*එතෙර ශ්‍රී ලාංකීකයින් සඳහා කාර්යාලයක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා.

*දේශීයව පාපැදි නිෂ්පාදනය දිරි ගැන්වීම හා විදුලි පාපැදි කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනයට බදු සහන.

*2025 ප්‍රාථමික ආර්ථික අතිරික්තයක් ඇති කරගැනීම අරමුණයි. 2026 ස්ථාවර ආර්ථික ඇති කරගැනීම අපේක්ෂාවයි.

*2025 ප්‍රාථමික ආර්ථික අතිරික්තයක් ඇති කරගැනීම අරමුණයි.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග

0
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ පොලිස් අත්අඩංගුවට පසුවන සැකකරුවන්...

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...