29 C
Colombo
Saturday, July 27, 2024

අලව්ව නගරය දින 03ක් වසා දමයි

- Advertisement -

අලව්ව නගරයේ සති පොළේ වෙළෙදුන්ගේ හා කොවිඩ් 19 වෙෙරසය ආසාදිත පුද්ගලයින් සම්බන්ද ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ කිහිපයක් පසුගිය 09 වනදා සිදු කර තිබෙනවා.

එම PCR පරීක්ෂණ වාර්තා අද (11) ලැබී ඇති අතර එම වාර්තාව අනුව කොවිඩ් 19 ආසාදිතයින් 27දෙනෙකු හඳුනා ගැනුණා.

ඒ අනුව අලව්ව නගරයේ කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අලව්ව නගරය වසා දැමීමට කටයුතු කරන ලෙස අලව්ව වෙළෙඳ සංගමය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එම ඉල්ලීමට අනුව අලව්ව නගරය දින තුනක් වසා දැමීමට තීරණය කළ බව අලව්ව මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීපාලන වෙෙද්‍ය නිළධාරී එම්.කේ.එ්.ඛාන් මහතා පවසනවා.

ඒ අනුව 12, 13, 14 යන දින තුන අලව්ව නගරය වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

එම දින තුන තුළ අලව්ව සති පොළේ වෙළෙදුන්, අලව්ව නගරයේ වෙළදසැල් හිමියන් හා කොවිඩ් 19 වෙෙරසය ආසාදිත පවුල්වල ආශ්‍රිතයන් PCR පරීක්ෂණය සදහා යොමුවන ලෙසත් එ් මහතා වැඩිදුරත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...